ඩඩ්ලි සිරිසේන මට මරණ තර්ජන එල්ල කළා

Share

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහෝදර ඩඩ්ලි සිරිසේන මහතා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් තමන් කළ අදහස් දැක්වීමක් හේතුවෙන් මේ වන විට තමන්ට මරණ තර්ජන වීම පිළිබඳව මේ වන තෙක් නීතිය ක්‍රියාත්මක නොවු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝෂාන් රණසිංහ මහතා පවසයි.

අද (25) පැවති මාධ්‍ය හමුවකදී සිය අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් එ මහතා මෙසේ ප්‍රකාශ කළේය.

“ජනාධිපතිවරයාගේ සහෝදර ඩඩ්ලි සිරිසේන මහතා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මම අදහස් දැක්වීමක් කළා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහෝදර ඩඩ්ලි සිරිසේන මහතා පළාත් සභා මන්ත්‍රිවරයෙක් සහ මගේ මාමා කෙනෙක් වන වෛද්‍යවරයෙක් හරහා මට මරණ තර්ජන එල්ල කරමින් තියෙනවා.

ඔහු මා මරා දමන බවට තර්ජනය කරනවා.

මේ සම්බන්ධයෙන් මම පොලීසියට පැමිණිලි කළා. පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්නයක් නැගුවා.

නමුත් තවමත් පොලීසිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ.

පොළොන්නරුව පොලීසිය හැසිරෙන්නේ සිරිසේන පවුලේ ආයතනයක් විදිහට.

අපිට බොරු චෝදනා එල්ල කරමින් අපිව පොලීසියටත් උසාවියටත් ගෙනියනවා.

පොළොන්නරුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා පැමිණිලි විමර්ශනය් කරන්නේ නැහැ.

මට මරණ තර්ජනය කිරීමත්, මගේ දේපළ හානි කිරීමත් සම්බන්ධයෙන් පැමිණිලි කරලයි තියෙන්නේ.

මේ වන තෙක් කිසිඳු විමර්ශනයක් පවත්වා නැහැ. මේ සිද්ධි තවමත් අභිරහස්.

පුරවැසියෙක් විදිහට ජනාධිපතිවරයාගේ අයට තියෙන අයිතිවාසිකම් මටත් තියනවා.

නමුත් මුදල් වෙනුවෙන් වැඩකරන අය සමාජ මාධ්‍යවල මටත්, මගේ චරිතයටත්, ව්‍යාපාර වලටත් හානිවන ප්‍රකාශ කරමින් තිඛෙනවා. අපිට දරුවෝ ඉන්නවා.

අපි සමාජයේ ජීවත් වුණු ක්‍රමයක් තියනවා.

පොළොන්නරුවේ මත් ද්‍රව්‍ය ව්‍යාප්ත වුණේ මේ ආණ්ඩුව බලයට පැමිණියාට පස්සේ.

සුදුපාට ඩිෆෙන්ඩරයක් නාම පුවරුව වහගෙන මට විරුද්ධව පෝස්ටර් අලවමින් තිබෙනවා.

නමුත් පොළොන්නරුව පොලීසිය නිහඬයි.

පොළොන්නරුව ජනාධිපතිවරයා නියෝජනය කරන දිස්ත්‍රික්කය නිසා පොළොන්නරුව පුරා අඩියෙන් අඩියට පොලීසිය බුද්ධි අංශ යොදවලා සිටිනවා.

පොලීසිය කැමරා පරීක්ෂා කළානම් මේ පෝස්ටර් අලවන අය අල්ලගන්න පුළුවන්.

නමුත් පොලිසිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ.

මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයෙක් එක පොලිස් ස්ථානයක සිටින්නේ වසර තුනක කාලයයි.

නමුත් මේ පොලිස් පරීක්ෂකවරයා වසර හයක් තිස්සේ පොළොන්නරුව පොලිසියේ සිටිනවා.

විධායක ජනාධිපතිවරයා විදියටත් ආරක්ෂක ඇමැතිවරයා විදිහට මේ වගේ පොලිසිය හැසිරවීමෙන් රටට මොකද වෙන්නේ.

පොළොන්නරුවෙන් කිසිම දේශපාලන නායකයෙකුට මතුවෙන්න සිරිසේන පවුල ඉඩ තිබ්බේ නැහැ.

රොෂාන් රණසිංහ කියන්නේ ඔවුන්ට විරුද්ධව නැගී සිටින දේශපාලනඥයෙකු බව දන්න ඔවුන්ට මාව කරදරයක් වෙලා.

අපි පොළොන්නරුවේ නව දේශපාලන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න හදද්දී එය වළක්වන්න, මාව මරා දමන්න හෝ හිරේ දමන්නයි සූදානම් වන්නේ. එහෙම හෝ කරලා සිරිසෙන පවුලේ බලය රැක ගන්නයි උත්සාහ කරන්නෙ.

මේ අය බලය ඉන්නේ තව ටික දවසයි. මේ විදියට අසාධාරණකම් සිද්ධ වෙන්න ඉඩ දෙන්න බැහැ. ජනාධිපතිවරයාට හිමිවෙන විධායක බලය මේ විදිහට අවභාවිතා කරන්න සහෝදරයකුට පුළුවන්කමක් නැහැ.

සමාජ මාධ්‍ය ඔස්සේ මා අපහසුතාවයට පත් කරවන දේ පළ කරපු ගිණුම් හිමියන්, වෙබ් අඩවි ගැන මම පොලිසියට පැමිණිලි කලා.

නමුත් බී වාර්තාවක් හෝ නිකුත් නොකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කළ බව කියනවා.

මම මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ අවස්ථාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහෝදරයා මා මරා දැමීමට උත්සාහ කිරීම අපරාධ වරදක් නොවන බව මට දන්වා තිබුණේ.

නමුත් මම පොලිසියට කළ පැමිණිල්ලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යවලා.

මගේ වරප්‍රසාද කඩවීම සම්බන්ධයෙන් අදත් පාර්ලිමේන්තුවේදී කථානායක කරු ජයසූරිය මහතාට ලිඛිතව ලිපියක් භාර දෙනවා.”

Read more

Local News