බෞද්ධාලෝක මාවත අවට අද සිට විශේෂ රථ වාහන සැලැස්මක්

Share

කොළඹ මහනගර සභාව විසින් සිදුකරන කැණීම් කටයුත්තක් හේතුවෙන් බෞද්ධාලෝක මාවතේ,ස්ටැන්ලි විජේසුන්දර මාවත හංදියේ සිට තුන්මුල්ල වටරවුම දක්වා වු මාර්ගයේ කොළඹින් පිටවීමේ මංතීරුවේ ගමනා ගමන කටයුතු සීමා කර තිබේ.

ඒ අනුව ජූලි මස 26 වන දින සිට ඔක්තෝබර් මස 25 වන දින දක්වා මෙම සැලැස්ම ක්‍රියාත්මකයි.

බෞද්ධාලෝක මාවතේ,ස්ටැන්ලි විජේසුන්දර මාවත හංදියේ සිට තුන්මුල්ල වටරවුම දක්වා වු මාර්ගයේ සිදු කරන කැණීම් කටයුත්තක් හේතුවෙන් කොළඹින් පිටවීමේ මංතීරුවේ ගමනා ගමන කටයුතු සීමා කර ඇති බැවින් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් සහ මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

ඒ  අනුව තුන්මුල්ල වටරවුමෙන් බෞද්ධාලෝක මාවතට ඇතුලු වන වාහන තර්ස්ටන් මාර්ගයේන් නන්දා මෝටර්ස් හරහා නිදහස් වටරවුමේන් පිලිප් ගුණවර්ධන මාවත,ස්ටැන්ලි විජේසුන්දර මාවත හරහා බෞද්ධාලෝක මාවතට ඇතුලු විය හැකියි.

Read more

Local News