විශේෂ මෙහෙයුමෙන් අත්අඩංගුවට ගත් බීමත් රියදුරන් ගණන 5497 යි

Share

දිවයින පුරා සිදුකළ විශේෂ මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් බීමත් රියදුරන් සංඛ්‍යාව 5497ක් බව පොලිසිය සඳහන් කරයි.

ඊයේ(25) උදෑසන 6.00 සිට අද(26) උදෑසන 06.00 න් අවසන් වූ පැය 24 ක කාලය තුළ බීමත් රියදුරන් 235 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

ඒ අනුව පසුගිය 5 වනදා සිට ක්‍රියාත්මක බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන ඇති බීමත් රියදුරන් ගණන 5497 කි.

මෙම විශේෂ මෙහෙයුම ලබන මස 5 වනදා දක්වා දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට පොලීසිය කටයුතු යොදා තිබේ.

Read more

Local News