බොරැල්ලේ රථවාහන OIC අනතුරට ලක්කළ ඩිෆෙන්ඩර් රථයේ රියදුරුට මහාධිකරණය හමුවේ නඩු

Share

අපරික්ෂාකාරී ලෙස ඩිෆෙන්ඩර් රථයක් පදවා බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද සාගර සරත්චන්ද්‍ර මහතාගේ මරණය සිදු කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් නවිදු උමේෂ් රත්නායක නමැති විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබේ.

ඉකුත් පෙබරවාරි මස 24 වන දින බම්බලපිටිය පොලිස් වසම තුළ විත්තිකරු විසින් අපරික්ෂාකාරී ලෙස ඩිෆෙන්ඩර් වර්ගයේ වාහනයක් ධාවනය කර අනතුරක් සිදු කිරීම හේතුවෙන් බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ එවකට ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද සාගර සරත්චන්ද්‍ර මහතා බරපතළ තුවාල ලබා රෝහල්ගත කෙරුණු අතර පසුව ඔහු මියගොස් තිබුණි.

අනතුර සිදු කිරීමෙන් පසුව විත්තිකරු තවත් පිරිසක් සමඟ සිය වාහන ද රැගෙන පළා ගොස් තිබූ බව පොලීසිය අධිකරණය වෙත කරුණු වාර්තා කර තිබුණි.

මේ අනුව පරික්ෂාකාරී ලෙස රිය පදවා සාවද්‍ය මිනී මැරීමක් සිදු කිරීම සම්බන්ධයෙන් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 298 වගන්තිය යටතේ නීතිපතිවරයා විසින් නමිදු උමේෂ් රත්නායක නැමැති මෙම විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා පත්‍ර ගොනු කර තිබේ.

Read more

Local News