කසළ ගැන මංගලගෙන් විශේෂ ප්‍රකාශයක්

Share

ශ්‍රී ලංකාවට විදේශිය කසළ ගෙන්වීම සම්බන්ධයෙන් අපරාධ චෝදනා ගොනු කළ හැකි දැයි සොයා බලන ලෙස නීතිඥවරුන්ට දන්වා ඇතැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා මීට ටික වේලාවකට පෙර පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ය.

අමාත්‍යවරයා කියා සිටියේ, මේවායේ වටිනාකමට වඩා තුන් ගුණයක් දඩ ගැසීම සාමාන්‍ය නීතිය වුවත්, මෙම අපරාධය අනුව එවැනි දඩයක් ප්‍රමාණවත් නොවන බව ය.

කසළ කිලෝග්‍රෑම් 964,000ක් මේ අයුරින් ගෙන්වා ඇති බවත්, එය බාසල් සම්මුතියට බරපතළ ලෙස පටහැනි බවත්, විශේෂ ප්‍රකාශයක් කරමින් මුදල් අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී කියා සිටියේ ය.

වරායේ ඇති කන්ටේනර් 111ක් ආපසු යැවීමට පියවර ගන්නා ලෙස සඳහන් කළ අමාත්‍යවරයා පැවසුවේ, විධිමත් රේගු පරීක්ෂණ පවත්වා හඳුනා ගත් වැරදිකරුවන්ට රේගු ආඥා පනතේ විධිවිධානවලට අනුව නීතිමය පියවර ගන්නා බව ය.

හේලීස් ආයතනයේ ඇති කසළ තොගය එලෙසම තබා ගැනීමට අධිකරණ නියෝගයක් ඇති බව ද අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

ඔහු අවධාරණය කළේ, මෙම කසළ ගෙන්වීමේ සිදුවීම බරපතළ අපරාධයක් ලෙස තමා සලකන බවය.

Read more

Local News