ලක්ෂ 82ක මැණික් ගලක් සොරා ගත් අයෙක් වැල්ලවත්තේ දී අත්අඩංගුවට

Share

වැල්ලවත්ත ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ 82ක් වටිනා මැණික් ගලක් සොරා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මොරටුව බස් රථයකින් වැල්ලවත්ත සිට බම්බලපිය දක්වා ගමන් කළ පුද්ගලයෙකු සතුව තිබූ අදාල මැණික් ගල සහ රුපියල් එක් ලක්ෂ 30,000ක් වටිනා චෙක්පතක් පුද්ගලයෙකු විසින් සොරා ගෙන ඇති බවට බම්බලපිටිය පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් වූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

එහිදී පොලිස් නිලධාරින් බස්රථ වල ගමන් ගන්නා මගීන්ගේ මුදල් පසුම්බි සොරා ගන්නා සැකකරුවන්ගේ ඡායාරූප කිහිපයක් පැමිණිලිකරුට පෙන්වීමේදී සොරා ගන්නා ලද පුද්ගලයා පැමිණිලිකරු විසින් හදුනාගෙන ඇති බව සඳහන්ය.

ඒ අනුව විමර්ශන ආරම්භ කළ පොලිස් නිළධාරින් අදාල සැකකරු වැල්ලවත්ත ප්‍රදේශයේදී සොරා ගන්නා ලද මැණික් ගල සහ චෙක්පත ද සමග අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 46 හැවිරිදි පානදුර ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙක් වන අතර සැකකරු අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

Read more

Local News