ගෙවල් බිඳ මුදල්, ස්වර්ණාභරණ සොරකම් කළ කතක් අත්අඩංගුවට

Share

බදුල්ල පොලිස් වසමේ, නිවාස බිඳ මුදල් හා ස්වර්ණාභරණ සොරකම් කළ කාන්තාවක් බදුල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

දිවා කාලයේ නිවැසියන් නොමැති අවස්ථාවන්හි ඉස්කු‍රුප්පු නියන ආධාරයෙන් නිවෙස් වල ජනේල විවෘත කර නිවෙස් වලට ඇතුල් වී නිවාස 10ක මුදල් හා ස්වරණාභරණ ඇය විසින් සොරකම් කර තිබෙන බවයි පොලිසිය පැවසුවේ.

ඇය ප්‍රවාහනය කිරීම සඳහා උදව් කළ ත්‍රිරෝද රථ රියදුරෙක් හා එම ත්‍රිරෝද රථයකද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

බදුල්ල පොලීසිය සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read more

Local News