බලපත්‍ර නොමැතිව මැණික් ගැරූ පුද්ගලයෙක් අත්අඩංගුවට

Share

බගවන්තලාව, කොටියාගල ප්‍රදේශයේ බලපත්‍ර නොමැතිව මැණික් ගැරීමේ නිරත වූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

බගවන්තලාව පොලීසියට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී අදාල සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

එහිදී මැණික් ගැරීම සඳහා භාවිත කළ උපකරණ කිහිපයක් ද පොලිස් බාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු එම ප්‍රදේශයේම පදිංචි 67 හැවිරිදි පුද්ගලයෙක් වෙයි.

ඔහු අද(28) හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

Read more

Local News