සීගිරිය නරඹන්න එන විදේශ සංචාරකයින්ගේ වර්ධනයක්

Share

පාස්කු ප්‍රහාරයෙන් පසු සීගිරිය නැරඹීම සඳහා විදේශීය සංචාරකයන්ගේ පැමිණීම 70% කින් මේ වන විටත් වර්ධනය වී තිබෙන බවට වාර්තා වෙයි.

මේ මේ දිනවල වැඩි වශයෙන් සීගිරිය නැරඹීම සඳහා බටහිර රටවල සංචාරකයන් දැකගැනීමට හැකි බව මධ්‍යම සංස්කෘතික අරමුදල සීගිරිය ව්‍යාපෘති කළමනාකරු මේජර් අනුර නිශාන්ත මහතා පවසයි.

මේ දිනවල එක දිනයකට විදේශීය සංචාරකයන් 900 කට අධික පිරිසක් දිනපතා පැමිණෙන බවත් දේශීය සංචාරකයන් දිනකට 600 කට පමණ වැඩි පිරිසක් පැමිණෙන බවද ඒ මහතා සඳහන් කළේය.

එමෙන්ම සති අන්තයන්හි දී විදේශීය සංචාරකයන්ගේ වැඩි වීමක් නොමැති වුවද දේශීය සංචාරකයන්ගේ පැමිණීම 2500 ඉහළ යෑම විශේෂත්වයක් බවත් දේශීය සංචාරකයන්ගෙන් වැඩි පිරිසක් උතුරු නැගෙනහිර ප්‍රදේශවල දමිළ සහ මුස්ලිම් ජනතාව සීගිරිය නැරඹීම සඳහා පැමිණීමෙන් බව හෙතෙම සඳහන් කරයි.

පාස්කු ප්‍රහාරය සමඟ සීගිරිය නැරඹීම සඳහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් විශාල වශයෙන් අඩු වීම හේතුවෙන් සංචාරක කර්මාන්තය මුළුමනින්ම කඩා වැටී තිබිණි.

සීගිරිය නැරඹීම සඳහා පැමිණෙන සෑම අයකුගේම ආරක්ෂාව සම්පූර්ණයෙන්ම තහවුරු කොට තිබෙන බවත් විශේෂයෙන් දේශීය විදේශීය සංචාරකයන් දැඩිආසාවකින් උවමනාවකින් මේ දිනවල සීගිරිය නැරඹීම සිදුකරන බවත් මේජර් අනුර නිශාන්ත මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Read more

Local News