කලල්පිටියේ දී සිදුවු අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

Share

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ නිට්ටඹුව කලල්පිටිය ප්‍රදේශයේදී සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයින් 6 දෙනෙකු තුවාල ලබා ඇත.

අද අලුයම බස් රථයක්, මෝටර් රථයක් පසුකර යාමට උත්සාහ කිරීමේ දී ඉදිරියෙන් පැමිණි ලොරි රථයක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.

අනතුරෙන් බස් රථයේ රියදුරු හා ලොරි රථයේ රියදුරු ඇතුළු පුද්ගලයින් හත් දෙනෙකු තුවාල ලබා වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ලොරි රථ රියදුරු මියගොස් ඇත.

මියගොස් ඇත්තේ දෙහිවල ප්‍රදේශයේ පදිංචිව සිටි 44 හැවිරිදි පුද්ගලයෙක් වන අතර අනතුර සම්බන්ධයෙන් නිට්ටඹුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read more

Local News