ඉංගිරියේ බුරුසු කර්මාන්තශාලාවක ගින්නක්

Share

ඉංගිරිය ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ බුරුසු අපනයන කර්මාන්තශාලාවක ගින්නක් හටගෙන ඇත.

අද (28) පෙරවරුවේ මෙම ගින්න හටගෙන ඇති බව වාර්තා වෙයි.

මේ අතර හොරණ, පානදුර, කළුතර ප්‍රදේශ භාර ගිනි නිවීම් අංශ එක්ව ගින්න මැඩපැවැත්වීමට උත්සාහ කර තිබේ.

ගින්න හේතුවෙන් කර්මාන්තශාලාවේ යන්ත්‍රවලට විශාල හානියක් සිදුව ඇති බව ද වාර්තා වෙයි.

ගින්න ඇති වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

Read more

Local News