අගමැති විශේෂ කාරක සභාව හමුවට කැඳවීම ගැන දැනුම් දීම අද

Share

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට අගෝස්තු 06 වැනිදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කැඳවීමට තීරණය කර ඇති අතර ඒ බව අග්‍රාමාත්‍යවරයා වෙත අද දැනුම් දීමට නියමිතව ඇත.

මීට අමතරව එදිනටම ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාත් කැබිනට් අමාත්‍යවරුන් වන සාගල රත්නායක හා රංජිත් මද්දුමබණ්ඩාර යන මහත්වරුන් සාක්ෂි විමසීම සඳහා කැඳවීමට තීරණය කළ බව කමිටුවේ සභාපති නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා සඳහන් කළේය.

මේ අතර යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාව නැවත වරක් කාරක සභාව හමුවට කැඳවීමට තීරණය වී ඇති අතර ඒ අනුව එළැඹෙන 31 වැනිදා යුධ හමුදාපතිවරයාගෙන් යළි සාක්ෂි විමසීමට නියමිතයි.

හිටපු ආරක්ෂක ලේකම්වරයෙකු වූ කපිල වෛද්‍යරත්න මහතාව ද එළැඹෙන 31 වනදා කාරක සභාව හමුවට කැඳවීමට නියමිත බව නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

අදාළ කාරක සභාව මේ වන විට පාර්ශ්ව රැසකින් සාක්ෂි විමසීම සිදුකර ඇති අතර එහි අවසන් වාර්තාව ලබන මස අවසානයට පෙර ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News