අමාත්‍ය ධුරවලින් ඉවත් වූ මුස්ලිම් මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක්

Share

අමාත්‍ය ධුරවලින් ඉවත් වූ මුස්ලිම් මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් මේ වන විට පැවැත්වෙයි.

හිටපු අමාත්‍ය රවුෆ් හකීම් මහතාගේ නිල නිවසේදී එම සාකච්ඡාව පැවැත්වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අමීර් අලි මහතා පැවසුවේය.

යළි අමාත්‍ය ධුර ලබා ගැනීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කෙරෙයි.

රිෂාද් බදියුදීන්, ඒ.එච්.එම්.ෆවුසි සහ රවුෆ් හකීම් මන්ත්‍රීවරුන් ඊට සහභාගී වී සිටියි.

එම සාකච්ඡාවෙන් අනතුරුව සියලු මුස්ලිම් මන්ත්‍රීවරුන් අතරද සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.

එම සාකච්ඡාවේදී එකඟාතාවයකට පැමිණියහොත් අද පස්වරුවේ මුස්ලිම් මන්ත්‍රීවරුන් අමාත්‍ය ධුරවල දිවුරුම් දීමට නියමිතව තිබේ.

Read more

Local News