අධිකරණ අමාත්‍යාංශයේ නව ලේකම්තුමිය වැඩ අරඹයි

Share

අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ නව ලේකම්තුමිය ලෙස පත් වු ජයන්ති විජේතුංග මහත්මිය අද(29) පෙරවරුවේ අමාත්‍යාංශයේදී සිය ධූරයෙහි වැඩ භාර ගෙන ඇත.

අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් තනතුරට පත්වීමට පෙර නව ලේකම්තුමිය විදුලිබල හා පුනර්ජනනීය බල ශක්ති රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, බස්නාහිර පළාත් සභාවේ මහ ලේකම් හා පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් කටයුතු කර තිබේ.

කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධිධාරිණියක වන නව ලේකම්වරිය ශ්‍රී ලංකා පරිපාලන විශේෂ ශ්‍රේණියේ සාමාජිකාවකි.

Read more

Local News