පාර්ලිමේන්තුවේ 225 ගැනම හිතන්න කාලය උදාවෙලා

Share

දේශපාලනය කරමින් එකතැන සිරවෙනවාද, නොඑසේ නම් රට ගැන සිතා නිර්මාණශීලීව දියුණුවනවාද යන්න පිළිබඳ සිතා බැලිය යුතු කාලය එළඹ ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

හෙතෙම මේ බව පවසා සිටියේ අද (30දා) දින අරලියගහ මන්දිරයේ පැවති රැකියා විරහිත උපාධිධාරීන්ට අභ්‍යාසලාභී පුහුණු නිලධාරීන් ලෙස පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

පාර්ලිමේන්තුවේ 225 පිළිබඳව සිතිය යුතු කාලය එළඹ ඇති බවද කී අග්‍රාමාත්‍යවරයා සියල්ලට ප්‍රථම රට දියුණු කිරීම අරමුණ විය යුතු බවද පවසා සිටියේය.

පත්වීම් ලබාදීම සඳහා තෝරාගත් 16800ක් වූ උපාධිධාරීන් වෙනුවෙන් 3880 දෙනෙකුට සංඛේතාත්මකව පත්වීම් ලිපි ප්‍රදානය කිරීම මෙහිදී සිදුවිය. ඉන් 880 දෙනෙකු බාහිර උපාධිධාරීන් වේ.

මීට අමතරව මෙම උපාධිධාරීන්ගේ තොරතුරු හා පුහුණුවට අවශ්‍ය උපදෙස් ඇතුළත් ලර්නින් ෆ්ලැට්ෆෝම් පද්ධතිය ජනගත කිරීමද අග්‍රාමාත්‍යවරයා අතින් සිදුකෙරිණි.

Read more

Local News