කුඩුත් එක්ක කතක් අංගොඩ දී අත්අඩංගුවට

Share

මුල්ලේරියාව පොලිස් වසමේ, ගොඩැල්ල මාවත, අංගොඩ ප්‍රදේශයේදී හෙරොයින් ළඟ තබාගෙන සිටි කාන්තාවක්  අත්අඩංගුවට ගෙන තිබේ.

මුල්ලේරියාව පොලිස් නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ(30) සවස මෙම වැටලීම සිදුකර ඇත.

අදාළ සැකකාරි සතුව තිබී හෙරෝයින් ග්‍රෑම් 02 මිලිග්‍රෑම් 200ක් සොයා ගත් බව පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ආබරේ මාවත, නාරාහෙන්පිට ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි කාන්තාවකි.

අදාළ සැකකාරිය අද(31) දින අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් මුල්ලේරියාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News