ජම්බුගස්මුල්ලේ වෙඩි තැබීමේ සිද්ධියට අනුබල දුන් සැකකරු අත්අඩංගුවට

Share

කොහුවල පාෙලිස් වසමේ ජම්බුගස්මුල්ල ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර තවත් පුද්ගලයෙකුට තුවාල සිදු කිරිමේ සිද්ධියට අධාර අනුබල දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

බස්නාහිර පළාත් දකුණු අපරාධ කොට්ඨාසයේ නිළධාරින් විසින් සිදු කළ විමර්ශනයකදී අදාල සැකකරු නුගේගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.

අත්අඩංගුවට පත් සැකකරු ගංගොඩවිල, නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙකු බව සඳහන්.

සැකකරුගෙන් සිදු කළ වැඩිදුර විමර්ශනවලදී වෙඩි තැබිම සඳහා පැමිණි සැකකරුවන් පැළැද සිටි හිස් වැසුම් දෙකක් ද පොලිසිය විසින් සොයාගෙන ඇත.

සැකකරු අද(31) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත අතර කොහුවල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

Read more

Local News