පොලිස්පති පූජිත් ශ්‍රේෂ්ඨාධිකරණයට එයි

Share

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණි ඇත.

ඒ තමන් අනිවාර්ය නිවාඩු යැවීමට ගත් තීරණය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලා ඔහු විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද(31) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලීම හේතුවෙන්.

පෙත්සම පසුගිය මස 24 වනදා සලකා බැලු අවස්ථාවේ එය අද දිනය දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබුණි.

ජනාධිපතිවරයා විසින් තමන්ව අනිවාර්ය නිවාඩු යැවීමට ගත් තීරණය හේතුවෙන් සිය මූලික අයිතීන් කඩ වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස සහ පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ලබාදෙන තුරු තමන්ව අනිවාර්ය නිවාඩු යැවීමට ගත් තීරණය අත්හිටුවීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර තිබේ.

Read more

Local News