රුහුණු සරසවියේ විද්‍යා පීඨය දින නියමයක් නොමැතිව වැසේ

Share

රුහුණු විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨය දින නියමයක් නොමැතිව තාවකාලිකව වසා දැමීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය තීරණය කර තිබේ.

වැල්ලමඩම පරිශ්‍රයේ පිහිටා ඇති විද්‍යා පීඨය මෙලෙස තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇත.

නේවාසිකාගාරය තුළ සිදුවූ නවක සිද්ධියක් හේතුවෙන් පාලනාධිකාරිය මෙම තීරණය ගෙන ඇති බව සඳහන් වෙයි.

ඒ අනුව අද(31) පස්වරු 06.00 ට පෙර එම පරිශ්‍රයෙන් ඉවත් වන ලෙස සිසුන්ට දැනුම්දී ඇති බව විශ්වවිද්‍යාල පාලනාධිකාරිය සඳහන් කළේය.

Read more

Local News