ලංකාවේ වැඩිම වැටුප ලබන්නේ කවුද ?

Share

නිදහසෙන් පසුව වර්තමාන ආණ්ඩුව තරම් කිසිදු ආණ්ඩුවක් රාජ්‍ය සේවකයාගේ වැටුප් වැඩිකර නොමැති බව අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

මහනුවර පැවති වැඩ සටහනකට එක් වෙමින් අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.

2014 තිබු වැටුප කීය ද යන්න අද ගෙදර ගොස් බලන ලෙසද පැවසු අමාත්‍යවරයා, 2015 අප්‍රේල් මාසයේ වැටුප් කොළය ගෙන නැවත පරීක්ෂා කරන ලෙස ද පැවසීය.

කෙසේ වෙතත් අඩුම වැටුප ලබන කාර්යාල කාර්ය සේවක මහතාගේ 2014 වර්ෂයේ මුලික වැටුප 14,000 ක් පමණ වු බවත් එය 2020 වන විට 28,000 දක්වා ඉහළ දැමු බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩි දුරටත් කියා සිටියේය.

රජයක් ලෙස ඔවුන්ගේ පමණක් නොව සියලු දෙනාගේම වැටුප් වැඩි කර ඇතැයි ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

ලංකාවේ වැඩිම ලබන්නේ නීතිපතිවරයා බවද පැවසු අමාත්‍යවරයා, අගවිනිසුරුවරයා එම ඛාණ්ඩයට අයත් නොවන බවද කියා සිටියේය.

කෙසේ වෙතත් සියලු අංශවල වැටුප් ඉතා සීඝ්‍ර ලෙස වැඩි කර ඇති මෙවැනි ආණ්ඩුවක් ඉතිහාසයෙන් පසුව මෙතෙක් බිහිව නැතැයි ද අමාත්‍යවරයා පැවසීය.

Read more

Local News