මම දිගටම ඉගෙන ගන්නවා – රන්ජන්

Share

තමා දිගටම ඉගෙන ගන්න බලාපොරොත්තු වන බව රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා පවසයි.

අද(05) දිනයේ දී අපොස උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටිමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

තමා නීතිය හරහා දුප්පත් මිනිසුන්ට උදව් කරන්න බලාපොරොත්තු වන බවත් ඒ සඳහා තමාට ඇති උසස් පෙළ ප්‍රතිඵල ප්‍රමාණවත් නොවන බැවින් මෙලෙස නැවත වතාවක් පෙනී සිටිය බවද රාමනායක මහතා පැවසීය.

ඕනෑම අයෙකුට මැරෙනකල් ඉගෙන ගත හැකි බව ද පැවසු රංජන් රාමනායක මහතා, කුඩු විකුණනවා වැනි වරදක් නොවන බවද කියා සිටියේය.

විභාග වංචාවක් සිදු කරන ඉතා ස්වාධීන ලෙස අද දිනයේ දී විභාගයට පෙනී සිටිය බවත් මදි වී ඇති සුදුසුකම් සපුරා ගන්න මෙයින් උත්සහ ගන්නා බවද පැවසීය.

පාර්ලිමේන්තුවේ සිටින සියලු දෙනා 8 පාස් නැති බව තමා ප්‍රකාශ කර නොමැති බවත්, ඒ අතර ඉතා උසස් තත්ත්වයේ අධ්‍යාපාන මට්ටම්වලින් පිරි අය සිටින බවද කියා සිටියේය.

තමා ගැන කිසිවක් හංගා නොමැති බවත් පැවසු රංජන් රාමනායක මහතා, අධ්‍යාපනය කියන්නේ හොඳ දෙයක් බවත් එක පාරක් අසමත් වුවා යැයි පසු බෑමකට ලක් නොවී නැවත උත්සහ කළ යුතුව ඇති බවද පැවසීය.

තමා සාමාන්‍ය පෙළ සමත් වී ඇති බවත් උසස් පෙළ එක් විෂයක් පමණක් සමත්වීම ප්‍රමාණවත් නොවන නිසා මෙලෙස විභාගයට පෙනී සිටි බවත් මෙය වසර ගණනක් පුරා තමා උත්සහ කරමින් සිටි දෙයක් බවද රංජන් රාමනායක මහතා කියා සිටියේය.

අනිවාර්යයෙන් තමා විභාගය සමත් වෙන බවත්, එසේ නොවුන හොත් නිරන්තරයෙන් නැවත නැවතත් උත්සහ කරන බවත් රාමනායක මහතා පැවසීය.

අද උදෑසන කෝට්ටේ ආනන්ද බාලිකා විද්‍යාලයේ දී රාජ්‍ය අමාත්‍යවරයා විභාගයට පෙනී සිටියේය.

Read more

Local News