මම චෝදනා වලින් සම්පූර්ණයෙන් නිදහස් – හිස්බුල්ලා

Share

තමන්ට එල්ල වන සියලුම චෝදනාවලින් සම්පූර්ණයෙන් නිදහස් වී ඇති බව නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා මහතා පවසයි.

අද(06) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලය ඉදිරිපිටදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ආණ්ඩුකාරවරයා මේ බව සඳහන් කළේය.

තමන්ට එල්ලවූ චෝදනා සියල්ල බොරු චෝදනා බවට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය සහ අපරාධ කොට්ඨාශය මඟින් සිදුකළ විමර්ශන හරහා ඔප්පු වී ඇති බව හිටපු ආණ්ඩුකාර පෙන්වා දුන්නේය.

මේ අතර මඩකලපුව කැම්පස් පුද්ගලික සමාගම ලබන ජනවාරි මාසය තුළදී ආරම්භ කිරීමට නියමිත බවත් එය සම්බන්ධ තවමත් අවසන් තීන්දුවක් ගෙන නොමැති බවත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා මහතා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News