බොලිවුඞ් සිනමාවේ ජනප්‍රිය නළුවකු වුණු ශෂී කපූර් මෙලොවින් සමු ගනී

Share

70 සහ 80 දශකයේ බොලිවුඞ් සිනමාවේ ජනප්‍රිය නළුවකු වුණු ශෂී කපූර් මෙලොවින් සමු ගත්තේය. මියයනවිට ඔහුගේ වයස අවුරුදු 79 වියේ පසු විය.

ශෂී කපූර් පසුගිය දිනවල අයහපත් සෞඛ්‍ය හේතුවෙන් රෝහල් ගතව සිටි බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි. ඔහු ඉතා ජනප්‍රිය නළුවෙකු මෙන්ම නිෂ්පාදකවරයෙකු ද විය. ශෂී කපූර් විදෙස් චිත්‍රපට කිහිපයකටත් රංගනයෙන් දායක වී ඇත.

දීවාර්, කබීකබී යනු ශෂී කපූර්ගේ සදා අමරණීය සිනමා නිර්මාණ වෙයි. ශෂී කපූර් ද දශක ගණනාවක් තිස්සේ බොලිවුඩයේ ආධිපත්‍ය පතුරුවන සුපිරි කපූර් පවුලේ සාමාජිකයෙකි.

සිනමා සම්මාන රැසක් හිමි කර ගත් ශෂී කපූර්, 2011 වසරේ දී පද්ම ඉන්දීය රජය පිරිනමන භූෂන් ගෞරව සම්මානයෙන් ද පිදුම් ලැබූ අතර ශෂී කපූර් ළමා නළුවකු ලෙසින් බොලිවුඩයට එක් විය. ඉන්පසු ඔහු චිත්‍රපටය 150 කට වැඩි ප්‍රමාණයකට රංගනයෙන් දායකත්වය ලබා දුන්නේය.

 

Read more

Local News