බීඩි කොළ තොගයක් නාවික හමුදාව සොයා ගනී

Share

නාවික හමුදාව විසින් අද(12) අළුයම මන්නාරම, ඕලුතුඩුවායි ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදි බීඩි කොළ තොගයක් සොයා ගෙන ඇත.

උතුරු මැද නාවික විධානය විසින් මන්නාරම, ඕලුතුඩුවායි ප්‍රදේශය ආශ්‍රිත වෙරළ තීරයේ සිදු කළ සෝදිසි කිරීමකදී බීඩී කොළ සහිත පාර්සල් 09 ක තිබූ මෙම බීඩි කොළ කිලෝග්‍රෑම් 461.7 ක් සොයා ගැනීමට සමත් වී තිබේ.

මෙම බීඩි කොළ තොගය වෙරළට ගොඩගසා තිබියදී මෙලෙස සොයා ගෙන ඇත.

සොයා ගන්නා ලද බීඩි කොළ තොගය ඉදිරි පරික්ෂණ කටයුතු සඳහා යාපනය, රේගු කාර්යාලය වෙත භාර දීමට නියමිතය.

ජාවාරම්කරුවන් විසින් මෙම බීඩී කොළ නීති විරෝධී අන්දමින් මෙරටට ගෙන ඒමට උත්සහ කලද නාවික හමුදාව විසින් සිදු කරනු ලබන අඛණ්ඩ මෙහෙයුම් හේතුවෙන් මෙම ජාවාරම් මැඩපැවැත්විමට හැකියාව ලැබී ඇත.

ඒ අනුව මෙම වසර තුලදී පමණක් බීඩි කොළ කිලෝග්‍රෑම් 28000 කට අධික ප්‍රමාණයක් නාවික හමුදාව සොයා ගැනිමට කටයුතු කර ඇති අතර, මෙවැනි නීති විරෝධී ජාවාරම් කටයුතු මැඩපැවැත්විම සඳහා නාවික හමුදාව නිරන්තරයෙන් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි.

Read more

Local News