චරිත ඝාතන සහ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් තොර නිදහස් සහ සාමකාමී මැතිවරණ ව්‍යාපාරයක් වෙනුවෙන් සියලුදෙනා කැපවිය යුතුයි – ජනපති

Share

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභාව ඊයේ (5) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් විය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛව මහජන එක්සත් පෙරමුණ, ශ්‍රී ලංකා මහජන පක්ෂය, දේශ විමුක්ති ජනතා පක්ෂය, ලංකා කම්කරු කොංග්‍රසය, ජාතික කොංග්‍රසය, ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ, ශ්‍රී ලංකා කම්කරු පක්ෂය ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයන් සහ නියෝජිතයන් මීට එක්ව සිටියහ.

මෙහි දී අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා චරිත ඝාතන සහ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් තොර නිදහස් සහ සාමකාමී මැතිවරණ ව්‍යාපාරයක් වෙනුවෙන් සියලුදෙනා කැපවීමේ අවශ්‍යතාව අවධාරණය කළේය.

එමෙන්ම මෙම මැතිවරණ ජයග්‍රහණය තීරණය වන්නේ අපේක්ෂකයන් මත බැවින් සන්ධානයේ සියලු පක්ෂ විසින් පිරිසිදු සහ නිවැරදි දේශපාලන ගමනක් සහිත අපේක්ෂකයන් ඒ සඳහා ඉදිරිපත් කිරීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

Read more

Local News