ශ්‍රී ලංකා පළමු ඉනිම 267කට සීමා වෙයි

Share

සංචාරක නවසීලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 267ක් රැස් කර ගත්තේය.

ඊයේ(14) දිනයට තරඟය ආරම්භ කරන විට කඩුලු 5ක් දැවී ලකුණු 203ක් රැස් කර ගෙන සිටි නවසීලන්ත කණ්ඩායම‍ සිය පළමු ඉනිමට තවත් රැස් කළේ ලකුණු 46ක් පමණයි.

ඒ අනුව නවසීලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියල්ලන් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 249ක්.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වු අකිල ධනංජය ලකුණු 80කට කඩුලු 5යි.

සිය පළමු ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු දෙක ලකුණු 66ක් තුළදී බිඳ වැටුණි.

කුසල් මෙන්ඩිස් ලකුණු 53ක් සහ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 50ක් රැස් කළේය.

පන්දු යැවීමේදී අජාස් පටෙල් ලකුණු 76කට කඩුලු 5ක් දවා ගත්තේය.

Read more

Local News