තාරුණ්‍ය කේන්ද්‍ර කරගත් රට ගොඩනගන වැඩසටහනක් දියත් කරන බව නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
තිස්සමහාරාමයේ රන්දුනුවත්ත ප්‍රදේශයේ ඉදිකළ සරුතුරුලියගම, සොබානිල්ලගම සහ සාරහරිතගම උදාගම්මාන ජනතා අයිතියට පත් කිරීම අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතින් සිදු කෙරුණු අතර අමාත්‍යවරයා එහිදි මේ බව පැවසීය.
මේ රටේ තරුණ පරපුර නිර්මාණය කරන තරුණ ප්‍රඥප්තිය පාර්ලිමේන්තු වෙත ගෙන බවත් තරුණ පරපුරත් සමඟ අත්සන් කිරීමට නියමිත සමාජ ගිවිසුමට නව යතාර්තයක් එක් කරන බව අමාත්‍යවරයා පැවසීය.