කාසල්රි ජලාශයේ පාවෙමින් තිබු බිළිඳු මළ සිරුරක් සොයාගැනේ

කාසල්රි ජලාශයේ පාවෙමින් තිබු පිරිමි බිළිදෙකුගේ මළ සිරුරක් අද(17) සොයා ගත් බව හැටන් පොලීසිය පැවසීය.

හැටන් සිට කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා දික්ඔය ඇළ කාසල්රි ජලාශයට එක් වන ස්ථානය වන දික්ඔය වනරාජා වත්ත ප්‍රදේශයේ මෙම බිළිඳු සිරුර පාවෙමින් තිබි හමු වු බව පොලීසිය සඳහන් කළේය.

කාසල්රි ජලාශයේ ධිවර කටයුතුවල නියැලි සිටින ධිවරයන් විසින් ජලාශයේ පාවෙමින් තිබු බිළිඳු මළ සිරුර දැක ඒ පිළිබඳව හැටන් පොලීසියට දැනුම් දි ඇත.

උපන් විගසම බිළිදාගේ මළ සිරුර දික්ඔය ඇළට දමන්නට ඇති බවත්, පසුගිය දින කිහිපය තුළ ප්‍රදේශයට පැවති අයහපත් කාලගුණය සමඟ සිරුර කාසල්රි ජලාශයට ගසාගෙන එන්නට ඇති බව සිරුර සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන හැටන් පොලීසිය පවසයි.

කාසල්රි ජලාශයේ තිබී හමු වු බිළින්දාගේ සිරුර සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරික්ෂණයෙන් පසු සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා දික්ඔය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරිය වෙත ඉදිරිපත් කරන බව හැටන් පොලීසිය පැවසීය.