ගෝඨාගේ අමෙරිකානු පුරවැසිභාවය අහෝසියි ?

Share

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කිරීමේ කටයුතු මේ වනවිට සම්පූර්ණයෙන් අවසන් වී ඇති බව ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසයි.

ජා ඇල ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නාලක ගොඩහේවා මහතා ඒ බව සඳහන් කළේය.

අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගැනීම සඳහා ඇති සියලු පියවරයන් මේ වන විටත් ගෝඨාභය රාජපක්ෂ මහතා අවසන් කර ඇති බවත් ඒ පිළිබඳ මේ වන විට කිසිදු ගැටලුවක් නොමැති බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Read more

Local News