ජනපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් මත්ද්‍රව්‍ය විනාශ කළයුතුයි

Share

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන ජනාධිපති අපේක්ෂකයින් මත්ද්‍රව්‍ය විනාශ කිරීමටත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දණ්ඩනණව ක්‍රියාත්මක කිරීමට ප්‍රතිඥා දිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

අද පොළොන්නරුවේ පැවති වැඩසටහනකදී සිය අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

එම අවස්ථාවේ දී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ආණ්ඩුවේ තුවක්කුවක් රටේ කිසිදු පුරවැසියෙකුට පත්තු නොවූ එකම යුගය තම පාලන කාලය බවයි.

2015 ජනවාරි 08 වනදා මේ රටේ හැට දෙලක්ෂ පනස්දහසක ජනතාවක් පැවති පාලනයට එරෙහිව ඡන්දය භාවිතා කළේ එම නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේ ඉදිරි ජනාධිපතිවරණයට කුමන අපේක්ෂකයෙකු ඉදිරිපත් වුව ද මත්ද්‍රව්‍ය ජාවාරම මුලිනුපුටා දැමීමට කැපවන බවට ඔහු ජනතාවට ප්‍රතිඥා දිය යුතු බවයි.

මුළු මහත් සමාජයම විනාශ කරමින් සිටින මත්ද්‍රව්‍ය ජාවාරම තුරන් කිරීම යුගයේ ප්‍රමුඛ අවශ්‍යතාවය වී ඇති බවත්, එම ගැටලූවට විසඳුම් සෙවීමට නම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදිය යුතු බවත් පැවසූ ජනාධිපතිවරයා කියා සිටියේ මත්ද්‍රව්‍ය ජාවාරමට කිසිදු දේශපාලන අනුග්‍රහයක් හිමි නොවිය යුතු බවයි.

එමෙන්ම ඔහු සඳහන් කළේ ඉදිරියේ දී කුමන ආණ්ඩුවක් බලයට පත්වුව ද ඔවුන්ගේ ප්‍රතිපත්තිය විය යුත්තේ ජනතාව පීඩාවට පත්වන සියලූ කරුණු වෙනස් කිරීමට කැපවීම බවයි.

එමෙන්ම රටට ගැළපෙන ආර්ථීක සහ දේශපාලන ක්‍රමයක් මෙන්ම  කිසිදු රටකට ගැති නොවන විදේශ ප්‍රතිපත්තියක්  සහ රටේ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට කැපවීම ඔවුන්ගේ මූලික ප්‍රතිපත්ති විය යුතු බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

අද නිදහසේ කතා කිරීමට පමණක් නොව ව්වේචන, චෝදනා පමණක් නොව අපහාස කිරීමට ද අවස්ථාව හිමිව ඇති අතර මීට පෙර සිටි නායකයන්ට එවන් අපහාස සිදුකළා නම් එම පිරිසට අත්වන ඉරණම ඉතා ඛේදජනක වනු ඇති බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

කවුරුන් කුමන චෝදනා කළ ද ඉකුත් පස් වසර තුළ රටේ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය තහවුර කළා පමණක් නොව රට ගොඩනැගීමට බාධාවක්ව පැවති වංචාව, දූෂණය සහ අක්‍රමිකතාවයට එරෙහිව ද දැඩි වැඩපිළිවළෙක් ක්‍රියාත්මක කළ බව ද ජනාධිපතිවරයා සිහිපත් කළේය.

ජාත්‍යන්තර බලවේග හේතුවෙන් පිඩාවට පත්ව අන්තර්ජාතික වශයෙන් මෙන්ම ජාතික වශයෙන් ද පැවති භීෂණය ඉවත් කිරීමට  වත්මන් රජය කටයුතු කළ බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

සැමට සෙවණ, ජාතික නිවාස වැඩසටහන යටතේ දිඹුලාගල, සොරිවිල, කොටාරගල ප්‍රදේශයේ සහ දිසාලාගම සහ දිඹුලාගල ප්‍රදේශයේ ඉදිරකන ලද නව ගම්මාන 03ක් අද ජනාධිපතිවරයා අතින් ජනතා අයිතියට පැවරිණි.

Read more

Local News