ඖෂධ සංගම් වලට රෝගීන් සුරාකෑමේ අවස්ථාව නවතා ඇති බව රාජිත කියයි

Share

ඖෂධ හිඟ බවට චෝදනා කරන කිසිඳු වෛද්‍ය සංගමයක්, ඖෂධ මිල අධික වීම හෝ ඖෂධ ලබා නොදෙන කාලයේ ඒ පිළිබද කථා නොකළ බව සෞඛ්‍ය අමාත්‍යරාජිත සේනාරත්න මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ මතුගම වෑත්තෑව දිසා රෝහලේ බාහිර රෝගි අංශය, හදිසි ප්‍රතිකාර ඒකකය ඇතුලු වාට්ටු සංකිරණ හා සායන ගොඩනැගිලි ජනතා අයතියට පත්කිරිමේ උත්සවයට සහාභාගිවෙමිනි.

එහිදි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ වර්තමානයේ ඖෂධ සංගම් වලට රෝගින් සුරාකෑමේ අවස්ථාවද තමන් නවතා ඇතිබවයි.

අද ඖෂධ වර්ග 73 ක මිල අඩුකරලා තිබෙන්නේ, කුමන බාධක ආවත් තවත් ඖෂධ රැසක මිල ඉදිරියේදි අඩුකරන බව අමාත්‍යවරයා එහිදි වැඩිදුරටත් අවධාරණය කළේය.

එදා පිළිකා රෝගින්ට ප්‍රථිකාර කිරීම රැපියල් ලක්ෂ පහ‍ළොවට සිමාකරලයි තිබුනේ. නමුත් අද ඒ සිමාමායිම් නොතකා පිළිකා රෝගින්ට ප්‍රථිකාර කරනවා. සමහර රෝගින්ට ලක්ෂ පන්සියයක් ඉක්මවා ප්‍රථිකාර කරන අතර එවැනි රෝගින් රැසක් අද ජිවත් වෙනවා.

මෙවැනි සේවාවන් ගැන කතා නොකරන එම වෛද්‍ය සංගම්, හදිසියේ ඇතිවන ඖෂධ හිඟය ගැන පමණක් චෝදනා කරන බවයි අමාත්‍යවරයා පවසන්නේ.

අද ජනතාව භුක්ති විදින්නේ, අපි සෞඛ්‍ය සේවාවට ලබා දී ඇති සේවාවන්. ජනතාව මාව පර්ලිමෙන්තුවට යැව්වා. මම මගේ යුතුකම ජනතාව වෙනුවෙන් ඉටුකරනවා. මට පක්ෂ පාට බේද නෑ, රටට ඔබින තින්දුව ගන්නවා, තමා ගන්නා තීන්දු තිරණ සමග ජනතාව සිටින බවයි සෞඛ්‍ය, පොෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසන්නේ.

මතුගම වෑත්තෑව රෝහලේ බාහිර රෝගි අංශය හා හදිසි ප්‍රතිකාර ඒකකය, සායන ගොඩනැගිලි, නව මුඵ තැන්ගෙය හා සංවර්ධන ව්‍යාපෘති රැසක් සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න අමාත්‍යවරයා අතින් ජනතා අයිතියට පත්කෙරුණි. ඒ සඳහා වැයකළ මුදල  රැපියල් මිලියන අසුදෙකක්.

මෙයට සමගාමිව රෝහල් කාර්යමණ්ඩලය වෙත කටුඅනෝදා පැල බෙදාදිමක්ද සිදුවිය.

එහිදී අනෝදා පැල දෙකක් රෝහල් පරිශ්‍රයේ රෝපණය කළේ අමාත්‍යවරයා හා අමාත්‍යවරයාගේ බිරිඳ වන විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මියගේ අතින්.

අද එම දෙපළගේ 41 වැනි විවාහ සංවත්සරය යෙදී තිබූ අතර මෙම උත්සව අවස්ථාවේ එය සැමරීමද විශේෂත්වයක්.

එමෙන්ම ගිනි නිවන නව රථයක් හා ජල බවුසරයක් ද මතුගම එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක ජගත් විතාන මහතා පරිත්‍යාග කළ අතර එය ජනතා අයතියට පත්කිරිම සිදුවුයේ සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්.

Read more

Local News