JMI සංවිධානයේ තවත් දෙදෙනෙක් අම්පාරේ දී අත්අඩංගුවට

Share

මෙරට තහනම් සංවිධානයක් වන ජමාතේ මිල්ලතේ ඊබ්‍රහිම් හෙවත් (JMI)සංවිධානයේ තවත් සාමාජිකයින් දෙදෙනෙකු අම්පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

රාජ්‍ය බුද්ධි ඒකකය විසින් ලබාදුන් තොරතුරු මත මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේය.

මොවුන් ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් සමඟ නුවරඑළිය ප්‍රදේශයේදි අවි පුහුණුව ලැබූ අය බවට ද සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

Read more

Local News