Tuesday, March 19, 2024.

අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න තාම හදිසියක් නැ

Share

සියළු සුළු ජාතීන් එක් කළ හැකි අයෙක් අපේක්ෂකයා ලෙස තම පක්ෂයෙන් ඉදිරිපත් කරන බව අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

අද කොළඹ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීම සඳහා තවමත් හදිසියක් නැති බවත් ජයග්‍රහණය කළ හැකි අපේක්ෂකයෙක් සිටින බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ ප්‍රකාශ කළේය.

“එහෙ මෙහෙ සද්ධ කරන්න නෙවෙයි අපිට ඕනෙ.

පක්ෂයේ විනයක් තියෙනවා. යම් කටයුත්තක් කරන ආකාරයක් තියෙනවා.

ඒ දේවල් ඒ විදිහට කරලා ජයග්‍රහණය කරන ස්වරූපය අපි පෙන්නලා දෙනවා.

ජනතාව ඉල්ලන අපේක්ෂකයා තමයි අපි ඉදිරිපත් කරන්නේ. අඬන කෙනෙක් නෙවෙයි.

අපි ඉදිරිපත් කරන්නේ සියලුම සුළු ජාතීන් එකතු කරන්න පුළුවන් කෙනෙක්.”

Read more

Local News