රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ කටයුතු මාධ්‍යයට විවෘත කෙරේ

Share

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ කටයුතු මාධ්‍යයට විවෘත කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව හෙට(21) දිනයේ සිට රජයේ ගිණුම් පිළිබද කාරක සභාවේ කටයුතු මාධ්‍යයට විවෘත කෙරෙන බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා සඳහන් කළේය.

අද දිනයේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකිරිමට නියමිත බව වාර්තා වෙයි.

ඒ සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය අද දිනයේ කෝප් කමිටුව වෙත කැඳවා තිබේ.

Read more

Local News