සජිත් හා එජාප පසුපෙල මන්ත්‍රිවරුන් අතර විශේෂ සාකච්ඡාවක්

Share

එක්සත් ජාතික පක්ෂයේ පසුපෙල මන්ත්‍රීවරුන් සහ එම පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද(20) රාත්‍රීයේ පැවැත්වීමට නියමිතව තිබේ.

කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ මහතාගේ නිවසේ අද රාත්‍රීයේ අදාළ සාකච්ඡාව පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.

ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ පසුපෙල මන්ත්‍රීවරුන් එම පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් සාකච්ඡාවක් ඉල්ලා සිටි අතර ඒ අනුව අදාළ සාකච්ඡාව පැවැත්වීමට නියමිතව තිබේ.

එම සාකච්ඡාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමී මහතා මේ බව පැවසීය.

මේ අතර ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකගේ අත්සනින් යුත් ලිපියක් ඊයේ(19) දිනයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට භාරදී තිබේ.

සතියක් තුළ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙන් වූ ගැටළුවට විසඳුම් ලබාදෙන ලෙස අදාළ ලිපියෙන් ඉල්ලීමක් කර ඇති බව කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා සඳහන් කළේය.

Read more

Local News