පෑලියගොඩ නිවාස පෙළක හදිසි ගින්නක්

Share

පෑලියගොඩ – පෝරණුකොටුව වත්තේ නිවාස පේළියක හටගත් හදිසි ගින්නකින් නිවාස 14 කට පමණ හානි සිදුව ඇත.

ඊයේ (19) රාත්‍රී 7.40 ට පමණ මෙම ගින්න හට ගෙන ඇතැයි ‍පෑලියගොඩ පොලීසියට ලද තොරතුරක් මත වහා ක්‍රියාත්මක වී තිබේ.

පෑලියගොඩ පොලීසිය හා කොළඹ ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් එක්ව ගින්න මැඩ පවත්වා තිබේ.

කෙසේ වෙතත් ගින්න හේතුවෙන් ජීවිත හානි කිසිවක් නොමැති අතර පෑලිය‍‍ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News