ජනපතිවරණයට ඉදිරිපත්වන සෑම අපේක්ෂකයෙක්ම කළ යුතු දේ

10

ජනාධිපතිවරණයට ඉදිරිපත් වන සෑම අපේක්ෂකයෙකුම මෙරට උද්ගතව ඇති රාජ්‍ය මූල්‍ය අර්බුදය විසඳීමට ගන්නා පියවර පිළිබඳව කරුණු පැහැදිලි කළ යුතු බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

පානදුර නගර ශාලාවේ ඊයේ(19) පැවති ”ජාතික මග” සම්මන්ත්‍රණයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.