පැරෂුට් පුහුණුවක් අතරතුර යුද හමුදා විශේෂ බලකායේ සෙබලෙක් මරුට

Share

අම්පාර – උහන ගුවන් හමුදා කදවුරේ පැරෂුට් පුහුණුවක නිරතව සිටි යුද හමුදා විශේෂ බලකායේ සෙබලෙකු හදිසියේ ඇද වැටීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

අද (20) පෙරවරුවේ ගුවන් හමුදා කදවුරේ පැරෂුට් පුහුණුවක මෙම යුද හමුදා සෙබලා නිරතව සිටි බවයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු කියා සිටියේ.

එලෙස පුහුණුවේ නිරතව සිටියදී පැරෂුටය නිසි පරිදි ක්‍රියාත්මක නොවීම නිසා ඔහු බිම ඇද වැටී තිබේ.

ඉන් බරපතල තුවාල ලැබූ යුද හමුදා සෙබලා රෝහල් ගත කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත්වූ බවයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ.

Read more

Local News