රට තුළ කුමන ගැටළුවක් පැවතියත් ජනතාවගේ ආදායම ඉහළට

Share

කුමන ගැටළුවක් රට තුළ පැවතියත් ජනතාවගේ ආදායම ඉහළ ගොස් ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

කම්කරු දෙපාර්තමේන්තුවේ නව ගොඩනැඟිල්ල විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

4 වන කර්මාන්ත විප්ලවයේ දී මිනිස් ශ්‍රමය මෙන්ම යන්ත්‍ර සුත්‍ර වැඩි වැඩයෙන් යොදවන බවත්, ඒ හා සමානව සේවක පිරිස ආරක්ෂා කිරීම යන සියලු දේ ගැන අවධානය යොමු කළ යුතු බවත් අගමැතිවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

මේ මොහොතේ අපි එතැනට ගමන් යා යුතු බවත් පැවසු අගමැතිවරයා මේ වසර 5 තුළ ආර්ථිකය සකස් කළේ දෙවනුව අපනයන ආර්ථිකයට යෑමට බවත්, රටේ ආර්ථිකය සකස් කරන විට ප්‍රශ්න ගණනාවක් තිබුණු බවද කියා සිටියේය.

කොතෙක් ප්‍රශ්නවලට මුහුණ දුන්නත් අද දවසේ ජීවන රටාව තුළ ජනතාවට ජීවත් වෙන්න වැඩි ආදායමක් අවශ්‍ය බව පිළිගත් බවද කියා සිටියේය.

ප්‍රශ්න කොතරම් තිබුණත් රටේ ජනතාවගේ ආදායම වැඩි කිරීම ගැන තමා සතුටු වන බවද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

Read more

Local News