රනිල් නිවැරදි තීරණයක් ගනීවිද ?

Share

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා 2010 වසරේදී හා 2015 වසරේදී නිවැරදි තීරණය ගත් බවත් ඔහු විසින් 2019 වසරේදීත් නිවැරදි තීරණය ගනු ඇති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා පවසයි.

අද(20) මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස තෝරාගෙන ඇත්තේ පක්ෂයේ නිල මට්ටමෙන් නොවනු බව රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී  පැවසීය.

අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස තෝරා ඇත්තතේ මෙරට සිටින අති බහුතර එක්සත් ජාතික පක්ෂිකයින් බව මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Read more

Local News