ගෝඨා හා ඩග්ලස් හමුවෙයි

Share

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඊ.පී.ඞී.පී පක්ෂයේ නායක ඩග්ලස් දේවානන්දා මහතා සමග සාකච්ඡාවක් පැවැත්විණි.

අද(20) මෙම සාකච්ඡාවක් පැවති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

එහිදී පසුගිය වසර හතර හමාරක කාලය තුළ උතුරේ ජනතාවට කිසිදු සංවර්ධන ක‍්‍රියාවලියක් සිදු නොවීම හේතුවෙන් මේ වන විට එම ජනතාව මුහුණදී ඇති ගැටළු පිළිබඳව සාකච්ඡාව පැවැති බව වාර්තා වෙයි.

ඉදිරි ජනතාවාදී රජයක් යටතේ එකී ගැටලූ‍වලට යහපත් විසඳුම් ලබාදීමටත් එකම රටක් තුළ සහෝදරත්වය සහ අභිමානයෙන් ජීවත් වන පරිසරයක් නිර්මාණය කර දීමටත් අපේක්ෂා කරන බව ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී ප‍්‍රකාශ කළේය.

Read more

Local News