නවදිල්ලි අගනුවර වායු දූෂණය තවත් ඉහළට

Share

උෂ්ණත්වය පහළ යාම සහ සුළගේ වේගය අඩු වීම හේතුවෙන් ඉන්දියාවේ නවදිල්ලි අගනගරයේ වායු දූෂණය තවදුරටත් ඉහළ ගොස් ඇති බව එරට වායු තත්ව නිරීක්ෂණ මධ්‍යස්ථානය සදහන් කර ඇත.

අද (06) උදෑසන සිටම වායු දූෂන අංශු මට්ටම්වල තියුණු ඉහළ යාමක් පවතින බව වාර්තා කර ඇති ඉන්දීය මාධ්‍ය එරට මධ්‍යම පරිසර දූෂණය පාලනය කිරීමේ මණ්ඩලය විසින් ඉදිරිපත් කර ඇති වායු ගුණාත්මක දර්ශකයේ ද මෙම අතිධ්වනීය වායු පෝෂිත අංශුවල මට්ටම් ඉහළ යාම පිළිබිඹු කර ඇතැයි සදහන් වේ.

Read more

Local News