දෙවන ටෙස්ට් තරඟයට වර්ෂාවෙන් බාධා

Share

ලෝක ශූරතා ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලිය යටතේ නවසීලන්තය සහ ශ‍්‍රී ලංකාව අතර දෙවන ටෙස්ට් තරඟය අද (22) ආරම්භ වීමට නියමිතව තිබුණි.

නමුත් නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟය වර්ෂාව නිසා අරාම්භ කිරීම නියමිත වෙලාවට වඩා ප්‍රමාද වී තිබේ.

අද තරඟය පැවැත්වීමට නියමිතව ඇත්තේ පි සරා ක්‍රීඩාංගනයේදීය.

දෙරට අතර පැවති පළමු තරඟය කඩුලූ 06කින් ජය ගැනීමට ශ‍්‍රී ලංකාව කණ්ඩායම සමත් වුණ අතර ඒ අනුව ලෝක ශූරතා ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටින්නේ ද ශ‍්‍රී ලංකාවයි.

නවසීලන්තය සහ ශී‍්‍ර ලංකාව අතර කොළඹ පී සරා ඕවල් කී‍්‍රඩාංගණයේ දී මේ දක්වා ටෙස්ට් තරඟ 2ක් පවත්වා තිබෙන අතර එයින් එක් තරඟයක් ජය ගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත්ව තිබේ.

Read more

Local News