බස්-වෑන් රථ අනතුරකින් 22 ‌දෙනෙකුට තුවාල

Share

දඹුල්ල, හබරණ මාර්ගයේ දිගම්පතහ ප්‍රදේශයේදී අද (23) උදෑසන අනතුරක් සිදුව ඇත.

පොලීසිය සඳහන් කළේ, ත්‍රිකුණාමලය සිට කොළඹ බලා ධාවනය වු ලංගම බස් රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි වෑන් රථයක ගැටී බස් රථය පෙරළී යාමෙන් එම අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් වෑන් රථයේ රියදුරු සහ බස් රථයේ රියදුරු ඇතුළු මඟීන් 22 දෙනෙකු තුවාල ලබා දඹුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇත.

සීගිරිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරයි.

Read more

Local News