පී 625 නෞකාව, පරාක්‍රමබාහු නමින් අධිකාරියට පත් කෙරේ

Share

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු පුළුල් කිරීම වෙනුවෙන් මහජන චීන සමූහාණ්ඩුව වෙතින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලබා ගන්නා ලද පී 625 නෞකාව ඊයේ (22) කොළඹ වරාය පරිශ්‍රයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ශ්‍රී ලංකා නාවික නෞකා ‘පරාක්‍රමබාහු’ නමින් අධිකාරියට පත් කෙරිණි.

මෙම නෞකාව පසුගිය ජුනි මස 05 වන දින චිනයේ ෂැංහායි පිහිටි නාවික තඨාකාංගණයේදී ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත නිල වශයෙන් භාර දෙන ලදී.

1994 වර්ෂයේ නිශ්පාදනය කර ඇති මෙම නෞකාව දිගින් මීටර් 112 ක් සහ පළලින් මීටර් 12.4 ක් වන අතර, එහි ධාරිතාවය ටොන් 2300 ක් වේ.

මෙම නෞකාවේ නිලධාරීන් 18 දෙනෙකු ඇතුළු 110 දෙනෙකුගෙන් යුත් කාර්යය මණ්ඩලයක් රාජකාරී කරනු ලබයි.

මෙම නෞකාව නවීනතම අවි ආයුධ, සන්නිවේදන උපකරණ සහ වෙනත් මෙහෙයුම් පද්ධති වලින් සමන්විත නෞකාවක් වන අතර, එය ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා කණ්ඩායමට එක් වූ පසු ශ්‍රී ලංකාවට අයත් ගැඹුරු මුහුදු කලාපය තුළ සෙවීමේ සහ මුදවා ගැනීමේ මෙහෙයුම්, සාගර සම්පත් ආරක්ෂා කිරීම සහ නාවික කටයුතුවල නිරත වන නෞකා සහ යාත්‍රා වෙත සහන සැපයිම සඳහා යොදා ගැනීමට අපේක්‍ෂා කර ඇත.

Read more

Local News