පොලීසියේ උසස්වීම් ගැටළු ඉක්මනින් නිරාකරණය කරයිද ?

Share

පොලීසියේ උසස්වීම් පිළිබඳව ප්‍රශ්න රැසක් තිබෙන බවත් ඒ ගැටළු හැකි ඉක්මනින් නිරාකරණය කරන්න කටයුතු කරන බව ජනමාධ්‍ය කැබිනට් නොවන අමාත්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, ඊයේ (22) පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රී වෛද්‍ය නලින් ද ජයතිස්ස මහතා පොලිස්  දෙපාර්තමේන්තුවේ උසස් වීම් සම්බන්ධයෙන් යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.

උප පොලිස් පරීක්ෂක තනතුරේ වසර 10ක සේවා කාලයක් සම්පූර්ණ කළ උප පොලිස් පරීක්ෂකවරු 539කට සහ කාන්තා උප පොලිස් පරීක්ෂකවරියන් 56කට මේ වනවිට පොලිස් පරීක්ෂක තනතුරේ උසස්වීම් ලබාදී ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය

මේ අතර නව බඳවා ගැනීමේ සහ උසස් කිරීමේ පටිපාටිය අනුමත ලද පසු ඊට අනුකූලව උසස් වීම් ලබාදීමට කටයුතු කරනු ලබන බවත් උසස් වීම් පිළිබඳ ගැටළු ඇත්නම් ඒවා නිරාකරණය කරන්න කටයුතු කරන බවත් රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පැවසීය.

එමෙන්ම පොලිස් නිලධාරීන්ට අවශ්‍ය  මූලික පහසුකම් ලබාදීමට කටයුතු කරන බවත් එය යුතුකමක් බවත් අමාත්‍යවරයා පැවසීය.

Read more

Local News