අපි රටේ ආරක්ෂාව තහවුරු කළා

Share

පාස්කු ප්‍රහාරයෙන් පසු මෙරට ආරක්ෂාව තහවුරු කර ඇති බව අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා පවසන්නේ එය රටක් ලෙස අත්පත්කරගත් ජයග්‍රහණයක් බවයි.

කොළඹ ඊයේ (22) පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ ප්‍රහාරයෙන් තුවාල ලැබු හා මරණයට පත්වුවන්ගේ පවුල්වල සියළුම අයට වන්දි ප්‍රදානය කළ බවයි.

එසේම මාසයක් ගත වීමටත් පෙර ප්‍රහාරයට සෘජුව හා වක්‍රම සම්බන්ධ සියලුම දෙනා අත්අඩංගුවට ගැනීමට හැකිවු බව ද ඒ මහතා ප්‍රකාශ කරයි.

ආරක්ෂක සංවිධාන විසින් ශ්‍රී ලංකාව සියයට සියයක් ආරක්ෂිත රටක් බව හා සංචාරකයන්ට පැමිණීමට සුදුසු වාතාවරණයක් ඇති බවත් ප්‍රකාශ කර ඇතැයි අමරතුංග මහතා පැවසීය.

එසේම වෙනත් රටවලට වඩා ඉතා ඉක්මනින් මෙරට ආරක්ෂාව තහවුරු කිරීමට වත්මන් රජයට හැකිවු බවත් ඒ මහතා ප්‍රකාශ කළේය

Read more

Local News