බදුල්ල ඔරලෝසු කණුව අසළ ඔළුවෙන් හිටගන්නේ කවුද ?

Share

ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියටත් ආරක්ෂා වන පරිදි නිවැරදි තීන්දුවක් ගැනීමට බලාපොරොත්තු වන බව ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පවසයි.

මාධ්‍ය වෙත සිය අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර පැවැත්වෙන සාකච්ඡා සැප්තැම්බර් 3වන දිනය වන විට හොඳ අතට හැරෙනු ඇති බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියි.

කෙසේ වෙතත් මේ වන තෙක් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පල කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණයක් ගෙන නොමැති බවත් ඒ සඳහා පක්ෂයේ එකඟතාවයක් ඇති වුවහොත් පමණක් ඔහුට සහාය පල කිරීමට සූදානම් බවත් චාමර සම්පත් මහතා ප්‍රකාශ කළේය.

හෙට දිනයේ බදුල්ලේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රැළියක් පැවැත්වෙන බවට ප්‍රකාශ වුවද එය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිට තනතුරු තානාන්තර ලබා පක්ෂයේ පස්ස දොරෙන් ගිය අයගේ ක්‍රියාවක් බවත් ඒ සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා පැමිණෙන්නේ නැති බවත් චාමර සම්පත් මහතා වැඩිදුරටත් පැවසීය.

හෙට දින රැළියට ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වුවහොත් තමන් බදුල්ල ඔරලෝසු කණුව අසළ ඔළුවෙන් හිටගන්නා බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

Read more

Local News