ජනපතිගෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්

Share

මහජන ආරක්ෂාව සඳහා සියලු පරිපාලන දිස්ත්‍රික්ක වෙනුවෙන් සන්නද්ධ හමුදාව යෙදවීම සඳහා වන අති විශේෂ ගැසට් පත්‍රයක් ජනාධිපති මෙමත්‍රීපාල සිරිසේන මහතා විසින් නිකුත් කර තිබේ.

ඒ මහජන ආරක්ෂක පනතේ 12වන වගන්තිය යටතේ ජනාධිපතිවරයාට පැවරි ඇති බල තල ප්‍රකාරවයි.

හදිසි නීතිය දීර්ඝ නොකළ ද සියලු දිස්ත්‍රික්කවල මහජන ආරක්ෂාව උදෙසා සන්නද්ධ හමුදා සාමාජිකයින් රාජකාරීවල යෙදවීම එහි අරමුණ වෙයි.

ඒ අනුව ශ්‍රී ලංකා යුධ හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව දිවයිනේ සියලුම පරිපාලන දිස්ත්‍රික්කවල සහ ඒ ඒ දිස්ත්‍රික්කයට යාබද දේශිය ජල තීරයේ ආරක්ෂාව සදහා කැඳවිමට අදාළ ගැසට් නිවේදනය මගින් නියම කර තිබේ.

අදාළ ගැසට් නිවේදනය පහතින්,

Read more

Local News