ගණිකා නිවාසයක් වටලා තිදෙනෙක් අත්අඩංගුවට

Share

කිරිබත්ගොඩ පොලිස් වසමේ මාකොල පාර, මාකොල ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා තිබේ.

කිරිබත්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මහර ගරු මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගත් සෝදිසි වරෙන්තුවක් මත මෙම ගණිකා නිවාසය වටලා තිබේ.

ගණිකා නිවාසයක් කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු සහ ගණිකා වෘත්තියේ යෙදීමට රැදී සිටිම සමිබන්ධයෙන් සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිසිය පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරු සහ සැකකාරියන් 38, 36, 40 වයස්වල පසුවන කෑගල්ල, කොළඹ, වෑබඩ ප්‍රදේශවල පදිංචිකරුවන් වෙයි.

සැකකරු සහ සැකකාරියන් අද (24) මහර ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.

Read more

Local News